මැදපෙරදිග කලාපයේ මේ වනවිට පැන නැගී ඇති ඇති ආරක්ෂක තත්ත්වය අනුව සෞදි අරාබියේ වෙසෙන ශ්‍රි ලාංකිකයින්ට විමසිල්ලෙන් සිටින්නයි එරට පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.
ජනාකිර්ණ ස්ථාන මගහරින ලෙසටත්, අත්‍යාවශ්‍ය ගමන් බිමන් වල පමණක් යෙදෙන ලෙසත් හදිසි තත්වයක් ඇති වුවහොත් ඒ සදහා තම විදේශ ගමන් බලපත්‍රය සැම විටම සුදානම්කර තමා ලග තබා ගන්නා ලෙසත් තානාපති කාර්යාලය එරට වෙසෙන සියළුම ලාංකිකයින්ට අවවාදාත්මක දැනුම් දි තිබෙනවා.