සෙස් පැල් කැපීමට සජිත්ගෙන් රතු එළියක්

සෙස් බද්ද සම්පූර්ණයෙන්ම  ඉවත් කිරීමට රජය තීරණය  කර ඇති හෙයින් බදු එකතු කර ගැනීමේ රජයේ නව  වැඩපිළිවෙළ  කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී  ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි

ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයෙන් ආනයන ආර්ථිකයකට ගමන් කරනවා. 2029 වන විට සෙස් බද්ද  සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කර තිබුණද වෙළඳ සමතුලිතතාවයට ඇති විය හැකි බලපෑම පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කරනවා. මේ ගැන රටට පැහැදිලි කිරීමක් අවශ්‍යයි.සෙස්  එක සහ පැල් එක 2029 වන විට ඉවත් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වෙලා තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *