සෙනසුරාදා ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසකට සෙනසුරාදා (21) පැය 09ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ සෙනසුරාදා පෙරවරු 11.00 සිට පස්වරු 08.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි.

කොළඹ, දෙහිවල – ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුකිරීමට නියමිත නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුව ඇති බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *