සුනාමියට වසර 19ක් – සිහිකිරීමට මිනිත්තු දෙකක නිහඬතාවක්

සුනාමි ව්‍යවසනය සිදුවී අදට (26) වසර 19ක් සපිරේ.

2004 වසරේ දෙසැම්බර් 26 වන දින ඇතිවූ සුනාමි ව්‍යවසනයෙන් 35,000කට අධික පිරිසක් මියගිය අතර තවත් 5000ක පිරිසක් අතුරුදන් වුණි.

සුනාමි ව්‍යවසනය සිදුවූ දෙසැම්බර් 26 වන දින ජාතික සැමරුම් උත්සවයක් ලෙස සිහි ගන්වන අතර එය 2012 වසරේ සිට ජාතික සුරක්ෂිත දිනය වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව මෙවර ද ජාතික සුරක්ෂිත දිනය දීප ව්‍යාප්තව දිවයිනේ සියලු දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර ප්‍රධාන සැමරුම් උත්සවය පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිතය.

සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා පෙරවරු 9.25 සිට පෙරවරු  9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම සිදුවනු ඇත.

ජාතික සුරක්ෂිත දිනයට සමගාමීව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ සියලු දුරකථන සේවා සැපයුම් ආයතන එක්ව ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *