LK reports news sinhala

සිම්බාබ්වේ-ශ්‍රී ලංකා තරගාවලියේ ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්

එළැඹෙන වසරේ පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ ප්‍රවේශ පත්‍ර මේ වනවිට නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, www.srilankacricket.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රවේශපත්‍ර ලබාගත හැකි බවය.

ප්‍රවේශපත්‍ර කවුන්ටරය ජනවාරි 4 වන දින සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී විවෘත වේ.

ඒ අනුව ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් වර්ගයේ ප්‍රවේශ පත්‍රයක් රු 5,000කට අලෙවි කෙරේ.

තරගාවලිය විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3කින් සමන්විතය.

එම තරගාවලිය ජනවාරි මස 6,8 සහ 11 වනදා දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙනු ඇත.

විස්සයි විස්ස තරග 14,16 සහ 18 යන දිනවල පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලි දෙකම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ පැවැත්වෙනු ඇත.

ප්‍රවේශපත්‍ර මිල ගණන් පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *