Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

සැහැල්ලු ගුවන්යානා අනතුර සම්බන්ධයෙන් තාක්ෂණික දත්ත ඔස්සේ පරීක්ෂණ

සැහැල්ලු ගුවන්යානා අනතුර සම්බන්ධයෙන් තාක්ෂණික දත්ත ඔස්සේ පරීක්ෂණ

කටාන, කිඹුලාපිටියේ දී අනතුරට ලක්වූ සැහැල්ලු ගුවන් යානය අනතුරට පත්වීමට හේතුව අනාවරණය වී.

සෙස්නා සමාගමෙහි නිෂ්පාදිත C-172 වර්ගයේ ලියාංපදිංචි අංක 4R-GAF දරණ අදාළ යානාව පසුගිය 27 වනදා සංචාරක යුවළක් රැගෙන යමින් තිබිය දී අනතුරට ලක්ව තිබුණි.

සීගිරිය ගුවන්තොටුපොළේ සිට කොග්ගල ගුවන්තොටුපොළ දක්වා ගුවන් ගමනක නිරතව සිටිය දී හදිසියේ ඇති වු තත්ත්වයක් හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමට නියමුවා ගත් උත්සාහයේ දී එම අනතුර සිදුව ඇතැයි මුලික විමර්ශනවලදී අනාවරණය වු බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.

එම අවස්ථාවේ දී නියමුවා ද ඇතුළුව සිව්දෙනෙක් ගමන් කර තිබු අතර, ඉන් දෙදෙනෙක් ලෙබනන් ජාතිකයින් වේ.

ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමුකිරීමට සිදුවීම වූ අවස්ථාවේ දී කටයුතු කර තිබුණි.

අනතුර සිදුවූ බවට වාර්තා වු අවස්ථාවේ සිට සිවිල් ගුවන්සේවා අධිකාරියේ ගුවන්සේවා පරීක්ෂකවරුන් සිය විමර්ශන කටයුතු ආරම්භ කළ අතර එයට හේතුව කාර්මික දෝෂයක් ද නැතහොත් වෙනත් සිදුවීමක් ද යන්න තහවුරු කරගැනීම සඳහා සාක්ෂි සටහන් කර ගැනීම හා තාක්ෂණික දත්ත ඔස්සේ පරීක්ෂා කිරීම ද මේ වනවිට සිදුකෙරෙමින් පවතින බව ද සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකිරීමට සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ, ජෙනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ විමර්ශන කමිටුවක් විසින් සිදුකරන අතර වෘත්තීය නිපුනතාවයෙන් යුත් ගුවන්සේවා පරීක්ෂකවරුන් පිරිසක් එම කමිටුවේ සාමාජිකත්වය දරයි.

එමෙන්ම ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අනතුරට පත් ගුවන්යානය රත්මලාන ගුවන්තොටුපොළ වෙත රැගෙන යෑමට අවසර දී තිබේ.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂවරයා එයට අවසර දුන් බව එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ අතර දෙසැම්බර් 22 වන දින පුහුණු සැසියක් වෙනුවෙන් කටුකුරුන්ද බලා පියාසර කරමින් සිටිය දී පයාගල වෙරළ තීරයට හදිසි ගොඩබැස්වීමකට ලක්කළ C – 152 වර්ගයේ ගුවන්යානය සම්බන්ධයෙන් ද විමර්ශන කටයුතු සිදුකිරීමට ද සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් කමිටුවක් පත්කර ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *