‘සැන්ඩෝ’ගේ පියා ඝාතනය කිරීමට වෙඩි තැබීමට පැමිණි බව කියන සැකකරු අත්අඩංගුවට

විදේශගතව සැඟව සිටින ‘සැන්ඩෝ’ නමැති පාතාල සාමාජිකයාගේ පියා නිසල අරණ සුසාන භූමියේදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන තුවක්කුකරු  අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මිහින්තලේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ‘කොස් මල්ලි’ නමැති පාතාල සාමාජිකයා විසින් මෙම වෙඩි තැබීම සිදුකිරීම සඳහා සැකකරුට රුපියල් 280,000ක මුදලක් ලබාදී ඇති බවයි.

2025 වසරේ සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති අතර, ජූලි 13 වැනිදා ඇප මත මුදා හැරීමෙන් පසු ජූලි 17 වැනිදා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඔහු 2015 වසරේදී යුද හමුදා විශේෂ බලකායෙන් ඉවත්ව ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *