O/L Exam

සා/පෙළ විභාගය 2021 : පිළිතුරු පත්‍ර නැවත පිරික්සීම සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ප්‍රකාශයට පත් කරයි.

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පිරික්සීම සඳහා වන අයදුම්පත් අද (08) සිට භාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

2022 දෙසැම්බර් 08 සිට දෙසැම්බර් 20 දක්වා අයදුම්පත් භාර ගන්නා බව දෙපාර්තමේන්තුව පවසයි.

තම අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග 2021 පිළිතුරු පත්‍ර නැවත පිරික්සීම සඳහා අයදුම් කිරීමට කැමති අයට පහත ක්‍රම මගින් එසේ කළ හැක.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හරහා අයදුම්පත් ඉදිරිපත් කළ හැක

DOE ජංගම යෙදුම

https://onlineexams.gov.lk/eic

විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911 හෝ 0112 785231 / 0112 785216 / 0112 784037 ඔස්සේ වැඩිදුර විමසීම් කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *