LK reports news sinhala

සාමණේර හිමිවරුන්ට පහරදීම යුනිසෙෆ් හෙළාදකී

කුඩා සාමණේර හිමිවරුන් දෙනමකට පහර දීමේ සිද්ධිය යුනිසෙෆ් සංවිධානය විසින් හෙළා දකින බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සැප්තැම්බර් 20 දීන, ශ්‍රී ලාංකාව නිවසින් හා පවුලෙන් බැහැරව ජීවත් වන ළමා භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු, වැරැද්දක් කරණ ලදැයි කියමින් මෑතකදී දඩුවමක් ලෙස සිදු කළ පහරදීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල තම කම්පනය හා කණගාටුව ප්‍රකශ කර සිටියි.

එම සංවිධානය පවසන්නේ සමස්තයක් ලෙස සමාජය මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව හෙළා දැකීම අගය කරෙන බවයි. එසේම මෙහි කනගාටුවට කරුණ නම් මෙය හුදෙකලා සිදුවීමක් නොවීමයි යනුවෙන්ද ඔවුන්ගේ නිවේදනයේ දැක්වේ.

දරිද්‍රතාවයෙන් පෙළෙන හො ආයතනික රැකවරණය යටතේ සිටින හො ආබාධිත දරුවන් ඇතුළු ශ්‍රී ලංකාව පුරා දරු දැරියන් බොහො ප්‍රමණයක් දිනපතාම මෙවැනි තත්වයන්ට මුහුණ දෙන බවත් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් 2016 දී ශ්‍රී ලංකාවේ පාසල්වල ක්‍රියාත්මක කරන ලද ළමා විනය ක්‍රම පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වූයේ සිසුන්ගෙන් 80% කට වැඩි ප්‍රමාණයක් පසුගිය මාසයේ අවම වශයෙන් එක් ආකාරයක හො ශාරීරික දඩුවමක් අත්විඳ ඇති බවත් ය යන්නද සඳහන් කරන යුනිසෙෆ් සංවිධානය මෙය දරුවන්ට අතිශයින්ම හානිකරවනවා පමණක් නොව, ඔවුන්ගේ වර්ධනය වන මොළයට ස්ථීර ලෙස බලපාන බවත්, ඔවුන්ගේ ආත්ම අභිමානය අඩු කරන බවත්, සෞඛ්‍ය සම්පන්නව ඉගෙනීමට හා වර්ධනය වීමට ඇති හැකියාවට බාධා කරන බවත් විද්‍යාත්මකව ඔප්පු වී ඇතැයි දක්වා සිටී.

සියලූ‍ ආකාරයේ ශාරීරිකව දඩුවම් කිරීම තහනම් කරන නීති සංශෝධන කෙටුම්පත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කටයුතු කීරීම පිලිබදව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සතුට පළ කරයී.

 

Leave a Reply

Your email address will not be published.