LK reports news sinhala

රටම කළඹන දුරකථන සංවාදයක් එළියට

ඇවන්ට්ගාඩ් සමාගමට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් සිදුකළ දුරකථන සංවාදයක හඬ පටයක් එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමාජ මාධ්‍ය වෙත අනාවරණය කර ඇත. සිංගප්පූරුවේ දී සිය අතෙහි සැත්කමක් කිරීමෙන් පසු එහි සිට නිශ්ශංක සේනාධිපති මහතා සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ මෙම අනාවරණය සිදුකර තිබේ.

දිල්රුක්ෂි ඩයස් සේනාධිපති හා එම දුරකථන සංවාදයේදී පවසන අයුරින් දේශපාලන බලපෑම් මත ගෝඨාභයට හා සේනාධිපතිට එරෙහිව නඩු පැවරීමට සිදුවූ බව කියා ඇත. මේ හේතුවෙන් තමාට මෙන්ම තම දරුවන්ටද සමාජයෙන් චෝදනා එල්ලවූ බවත් විශාල පිරිසකට රැකියා අහිමිවීම මෙන්ම රටට වටිනා ව්‍යාපාරයක් අහිමිවූ බවද සේනාධිපති ඇය හා පවසන්නේ හැඬූ කඳුළෙනි. එහිදී ඇය කියා සිටින්නේ මෙවැනි තත්ත්වයක් ඉස්මතුවන බව දැන සිටියානම් කිසිසේත් එවැනි නඩු පැවරීමක් නොකරන බවයි. විශේෂයෙන්ම ඇය සමාව යදින අයුරින් එම හඬ පටයේ කථා කරයි.

මේ අතර දිල්රුක්ෂි ඩයස් මහත්මියට එරෙහිව රාවණා බලය සංවිධානය සහ සිංහලේ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළේය.
‍(Image – Colombo Gazette)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *