LK reports news sinhala

ස්මිත්ගෙන් ද්විත්ව ශතකයක්

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියේ සිව්වැනි තරගයේදී ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් ද්විත්ව ශතකයක් ලබාගැනීමට සමත් විය. ඕස්ට්‍රේලියා පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 497ක් ලබාගත් අතර ඊට ස්ටීව් ස්මිත් පන්දු 319කින් ලබාගත් ලකුණු 211ද අන්තර්ඝත විය.

තරගයේ පළමුව පන්දුවට පහරදීම ආරම්භ කළ ඕස්ට්‍රේලියාවේ ආරම්භක පිතිකරුවන් අඩු ලකුණු ගණනකට දැවී ගිය අතර ඩේවිඩ් වෝනර් ලකුණු නොලබාම දැවී ගියේය. මානස් ලබුස්චග්නේ සමග එකතු වූ ස්මිත් අගනා සබඳතාවයක් සමගින් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූ අතර ලබුස්චග්නේ ලකුණු 67කට දැවී ගිය අතර පසුපෙළ පැමිණි ටිම් පේන් හා මිචෙල් ස්ටාර්ක් ද අර්ධ ශතක ලැබූහ.

තරගයට වර්ෂාවෙන්ද වරින් වර බාධා ඇතිවූ අතර එංගලන්තය මේ වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටී.

තරග තහනමකට ලක්වීමෙන් පසු පැමිණි ස්ටීව් ස්මිත් දිගින් දිගටම සාර්ථක වූ අතර මෙවර ද්විත්ව ශතකයක් ලබමින් ඔහු සිය දක්ෂතා පෙන්වීමට සමත් විය.

(Image – cricinfo)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *