නව කොරෝනා වෛරසය සමග භයානක කාලසීමාවක් පසු කරමින් සිටින චීනය වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලාංකික ජනතාවට එරටින් විශේෂ ස්තුතියක් පිරිනමා තිබේ. තම රට මුහුණදී සිටින දැඩි බලපෑම හමුවේ ශ්‍රී ලංකාව චීනයේ සැබෑම මිත්‍රශීලී රාජ්‍යයක් ලෙසින් ලගින් සිටි බවයි බිජිං සරසවියේ විදෙස් භාෂාවන් හදාරන සිසු සිසුවියන් සඳහන් කර සිටින්නේ.
නව කෙරෝනා වෛරසය වැළදුණු චීන ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවෙන්ද වාර්තාවූ අතර මේ වන විට එම කාන්තාව සම්පුර්ණයෙන් සුව අතට හැරී සිටිනවා.
පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීනයට ලක් රජයෙන් විශේෂ ආධාරයක් ලෙස තේ කොළ ලබාදීමට පසුගියදා කටයුතු කරනු ලැබුවේද චීනය සමග ඇති මිත්‍රත්වය සංකේතවත් කරමිනි. ශ්‍රී ලංකාව තම රටට දැක්වූ සහය අගයමින් චීනයේ බිජිං අගනුවර පිහිටි සරසවියේ විදෙස් භාෂා අධ්‍යයන කටයුතු වල නිරත සිසුන් පළකර තිබු ජයාරූප පහතින් දැක්වේ.