සහරාන්ගේ තවත් සගයින් දෙන්නෙක් අල්ලයි

මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම් සමග නුවරඑලිය සහ හම්බන්තොට පුහුණු කඳවුරු වලදී පුහුණුව ලැබූ ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සහ තව්හිත් ජාමාත් සංවිධානයට සම්බන්ධ මොහොම්මදු රයිසුද්ධියන් අබ්දුල් රහුමාන් නොහොත් අබුඅනාස් සහ සෙයිනුල් ආබ්දීන් හස්ල නොහොත් අබුරාවා රාජ්‍ය බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු බුද්ධි තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පොල්ගොල්ලේ හා මාවනැල්ලේ පදිංචිකරුවෝ වෙති.
