LK reports news sinhala

හොංකොං ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට ජීවිතාන්තය තෙක් තහනමක්

හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

මෙලෙස ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමකට ලක්ව ඇත්තේ ඉර්ෆාන් අහමඩ් සහ නදීම් අහමඩ් යන දෙදෙනාටයි.

ඉර්ෆාන් අහමඩ් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනතේ වගන්ති 9ක් සහ නදීම් අහමඩ් එම පනතේ වගන්ති 3ක් කඩ කර ඇති අතර ඊට අමතරව හොංකොං කණ්ඩායමේ හසීබ් අම්ජාඩ්ට වසර 5ක තරග තහනමක් ද පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

වසර දෙකක කාලයක් තුළදී තරග පාවා දීම හෝ පාවා දීමට සැලසුම් කිරීම සහ පාවා දීමට ලද යෝජනා සම්බන්ධයෙන් අනාවරණය කිරීමට අසමත් වීම යන චෝදනා ඔවුන්ට ප්‍රධාන වශයෙන් එල්ල වී තිබෙන බව වාර්තා වේ.

නදීම් අහමඩ් හොංකොං කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 25ක් සහ පන්දුවාර විස්සයි විස්ස තරග 24ක් ක්‍රීඩා කර හොංකොං කණ්ඩායමට නායකත්වයද ලබාදී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *