පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා සභාපති ධුරය දරන රාජ්‍ය නොවන සංවිධානය යටතේ පවත්වාගෙන ගිය මදුරන්කුලියේ මද්රසා පාසලේ අධ්‍යාපනය ලබමින් සිටින අතරතුර සටන් පුහුණුව ලැබූ දරුවන් 07 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (09) සොයා ගෙන තිබේ. වසය අවුරුදු 18 ත් 15 ත් අතර වයස්වල පසුවන මෙම දරුවන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්න කිරීම්වල දී ඒ අයට මද්රසා පාසලේ දී අන්තවාදය ඉගැන්වූ අයුරු මෙන් ම සටන් පුහුණුව ලබා දුන් ආකාරය ගැන ද තොරතුරු හෙළි කර තිබේ.
මෙම දරුවන්ගෙන් වැඩිදෙනකු අනාථ දරුවන් බවත් පාස්කු ප්‍රහාරයෙන් පසු මෙම දරුවන්ව ඥාති නිවෙස්වලට පිටත් කර යවා ඔවුන්ව සැඟවීමේ උත්සහයක නිරතව ඇති බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් තහවුරු වන බවටත් වාර්තා වේ.