හරීන්

“සර් ෆේල්” ඇයි ? හරීන් හේතු කියයි [Video]

තමන් මීට පෙර ජනාධිපතිවරයා අසමත් බව හැගවීම සදහා ‘සර් ෆේල්’ යන වචනය භාවිත කිරීම සදහා බලපෑ හේතුසාධක ඊයේ (17) දිනයේදී මාධ්‍ය හමුවේ අනාවරණය කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කළේය.

එහිදී 69 ලක්ෂයක් ජනතාව ජන්දය දී බලාපොරොත්තු වූ කරුණු කිහිපයක් පෙන්වා දුන් හරීන් ප්‍රනාන්දු මහතා අද ඒ සියල්ල බිද වැටී ඇති බැවින් තමන් එම වචනය පාව්ච්චි කළ බව කියා සිටියේය.

ඊට උදාහරණද ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියේය.

කෙසේවෙතත් ජනාධිපතිවරයාට තවත් කාලය ඇති බැවින් අවම වශයෙන් මේ වසරේ හෝ රට සමත් කරවන ආකාරයට කටයුතු කරන ලෙසත්, ඒ සදහා අසමත් පුද්ගලයන් නැතිව දක්ෂ කණ්ඩායමක් ළංකර ගන්නා ලෙසත් හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *