විශ්ව විද්‍යාල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමටත් පර්යේෂණ කිරීම සඳහාත් අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති අතර විශ්ව විද්‍යාල වල විශාල ගොඩනැගිලි ඉදිකිරීමට ප්‍රතිපාදන වැය කරනු වෙනුවට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවෙන පර්යේෂණ සහ අධ්‍යයන මෙන්ම තාක්ෂණික මෙවලම් වෙනුවෙන් වැය කිරීමේ වැදගත්කමද ජනපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.
ඊයේ (10) පෙරවරුවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මෙම උපදෙස් ලබා දී තිබේ.