වෛද්‍යවරු

සමහර වෛද්‍යවරුත් සෞඛ්‍ය පුරුදු නොසලකා හරිනවා: වෛද්‍ය හේරත්

ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන්, කොවිඩ් ආරක්‍ෂාව සම්බන්ධයෙන් ආදර්ශමත් විය යුතු වෛද්‍යවරුන් ඇතුළු ජනතාව ඇතැම් විට සෞඛ්‍ය නීති රීති සුළු කොට තැකීම කණගාටුවට කරුණක් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙය සාමාන්‍ය ජනතාව අතර සැකයක් සහ නරක හැඟීමක් ඇති කරන බවයි.

“එවැනි පුද්ගලයන් මුහුණු ආවරණයක්වත් පැළඳ නොගෙන සමාජ මාධ්‍යවල ඡායාරූප පළ කර තිබෙනවා,” ඔහු පැවසීය.

“සාමාන්‍ය ජනතාව සිතන්නේ එවැනි පුද්ගලයින් සෞඛ්‍ය නීති රීති අනුගමනය නොකරන්නේ නම්, බරපතල තත්වයක් වන ඒ ගැන ඔවුන් කරදර විය යුත්තේ මන්දැයි” ඔහු අවධාරණය කළේය.

වෛද්‍යවරුන් ඇතුළු වගකිවයුතු පුද්ගලයන්ට සෞඛ්‍ය පුරුදු අත්හැරිය නොහැකි බව වෛද්‍ය හේරත් මහතා ප්‍රකාශ කළේ ඔවුන්ගේ හැසිරීම් රටාව දෙස බැලීමෙන් ඇතැම් සාමාන්‍ය මිනිසුන් නිගමනවලට එළඹෙන බැවිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *