Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
“එජාපයයි සජබයයි එකතු වුණත් දිනන්න බෑ; අද දේශපාලනය වෙනස් වෙලා!”: රනිල්මීගමුවෙන් 28ක්, හෝමාගමින් සහ කොබෙයිගනෙන් තවත් ජීවිත අහිමිවෙයි: “රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ අනිවාර්ය වගකීමක්!” – නාමල්ගෑස් තියාගෙන “ගෑස් නෑ” කී මහනුවර ලිට්‍රෝ වෙළෙන්දාට උසාවියෙන් දඩ: සිලින්ඩර 28ම රාජසන්තක කරයි!මාස් කන්නයට කිසිදු පොහොර හිඟයක් නෑ: යූරියා, මඩ පොහොර සහ බණ්ඩාරි තොග රට පුරා බෙදාහැරීම අරඹයිපොලිස් නිලධාරීන්ට සුන්දර ඇල්ලෙන් නවීන නිවාඩු නිකේතනයක්: ‘Ella Rock View’ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතින් විවෘත වෙයිජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව අභිබවා ඇෆ්ගනිස්තානය 6 වැනි ස්ථානයට පත්වෙයි“කාන්තා අයිතීන් ගැන දැනුම ලබන්න භාෂාව බාධාවක් නොවිය යුතුයි”: එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සිංහලට සහ දෙමළට පෙරළෙයිසවස් කාලයේ ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි සහ තාවකාලික තද සුළං: උදෑසන මීදුම ගැනත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්හැමෝටම PickMe, Uber Eats වලින් කන්න සල්ලි නෑ; ගෙදර උයන්න ගෑස් නෑ!”: ලාෆ්ස් ගෑස් අර්බුදය ගැන ආචාර්ය හර්ෂ ද සිල්වාශ්‍රී ලංකා රජයේ යෝජිත නව පනත් කෙටුම්පත් ඉල්ලා අස්කරගන්නැයි බලකරමින් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්
ප්‍රවෘත්ති

සමරිසි පනතට මහා නා හිමි අප්‍රසාදය

සමරිසි පනතට මහා නා හිමි අප්‍රසාදය

සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කළහ.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මල්වතු පාර්ශ්වයේ මහානායක, වරකාගොඩ ශ්‍රී ඤාණරතන   අස්ගිරි පාර්ශවයේ මහානායක, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති  අමරපුර මහා සංඝ සභාවේ මහානායක සහ මකුලෑවේ ශ්‍රී විමල   ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක  මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව එම යොමු කොට ඇත.

රටේ සංස්කෘතික අනන්‍යතාවයන් , ඓතිහාසික උරුමය හා චිරාගත සද්චාරිත්‍රයන් නොසලකා පටු අත්තනෝමතික මත පදනම්ව රාජ්‍ය පාලනයෙහිලා යමක් උත්සාහ කරන්නේ  නම් එය රාජ්‍ය ආරාජිකවීමට මෙන්ම සමාජ බිඳවැටීමට බලපාන බව චක්කවත්ති සිහනාද සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ පැහැදිලි කර ඇත .

ධර්මද්වීපය ලෙස පෙරාපර දෙදිග සම්භාවිත ශ්‍රී ලංකාව බෞද්ධ දාර්ශනික හරපද්ධතීන්ගෙන් පෝෂණය වූ විශිෂ්ට සංස්කෘතික උරුමකම් කියයි.

දානය, ප්‍රිය වචනය, අර්ථචරියාව හා සමානත්වතාව යන යන සතර සංග්‍රහ වස්තූන් මත ගොඩනැගුණු එකී ලාංකේය සංස්කෘතියේ මෞලික හර පද්ධතිය ආරක්ෂා කර ගැනීම රාෂ්ට්‍රිය සමෘද්ධිය උදෙසා අත්‍යවශ්‍ය සාධකයකි .

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *