සමගි ජන බලවේගය යටතේ උපාධිධාරීන් 44,000 කට සති දෙකෙන් පත්වීම් දෙනවා – සජිත්

Share this Article

මහ මැතිවරණයෙන් පසු සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ, වත්මන් ආණ්ඩුව විසින් රැකියා ලබාදෙන බවට පොරොන්දු වූ උපාධිධාරීන් 44,000ට සති දෙකක කාලයක් වැනි කෙටි කාලයකින් පත්වීම් ලබාදෙන බවත්, මාස තුනක කාලයක් ඇතුළ පත්වීම් ස්ථිර කරන බවටත් සමගි ජන බලවේගයේ නායකසජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වයස අවුරුදු 45 ඉක්මවූ රැකියා විරහිත උපාධිධාරීන්ටද බලයට පත්වී සති දෙකක කාලයක් තුළ පත්වීම් ලබාදෙන බවත්, එම පත්වීම් මාස තුනක කාලයක් තුළ ස්ථීර කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) කබීර් හෂීම් මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


Share this Article

Leave a Reply

Your email address will not be published.