සමගි ජන බලවේගය සමග එක්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කර තිබේ. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.
තම නායකත්වය යටතේ ගොඩනැගුනු නව සන්ධානය යටතේ ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරිමට එක්වන ලෙසයි සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කර ඇත්තේ. කෙසේවෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වන නව සන්ධානයක් ගොඩ නැගිමට තීරණය කර ඇත්තේ.