සමගි ජනබලවේගය 20 වැනිදා මහනුවරින් වැඩ අරඹයි

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික සමගි ජනබලවේගයේ මැතිවරණ ව්‍යාපාර කටුයුතු ලබන 20 වැනිදා පස්වරු 2.00 ට මහනුවරින් ආරම්භ කිරීමට නියමිතය. එදින මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ගොස් ආශීර්වාද ගන්නා සජිත් ප්‍රේමදාස මහතා මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්ද හමුවී අනතුරුව ඡන්ද ව්‍යාපාරයට සහභාගි වන බව එම පක්ෂයේ ආරංචිමාර්ග වාර්තා කරයි. එමෙන්ම සමගි ජනබලවේගයට සම්බන්ධ සියලු පක්ෂවල නායකයන් හා සිවිල් සංවිධාන නියෝජිතයන්ද එදින රැස්වීමට සහභාගි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *