සජිත් ලෝක ඉතිහාසය වෙනස් කළ හැටි විමල් කියයි

ලෝක ඉතිහාසයේ පළමු වතාවට මුදල් ගෙවා ජාතිය ඇමතීමේ අවස්ථාව පසුගියදා ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් සිදුකළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමේ ජනරැලියක් අමතමිනි.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

“අපේ ප්‍රතිවාදී අපේක්ෂකයා පුතානෝට පරාජයේ වේදනාව ටික ටික දැනෙනවා. එතුමා කල්පනා කළා මට 16න් පස්සේ මට අම්ම මුත්ත කාලෙවත් ජාතියක් අමතන්න හම්බෙන්නේ නෑ. මේ තමයි ලෝක ඉතිහාසයේ පළමු වතාවට කෙනෙක් මුදල් ගෙවා ජාතිය ඇමතුවේ. පරාජය පේන හින්දා මංගල පින්සිරි සමරවීර, රාජිත ඇතුළු පිරිස සහරාන්ගේ නෝනව කොළඹට ගෙනත් සල්ලි කුට්ටියක් දීලා සහරාන්ගේ නෝන ලව්වා මඩ ගහන්න යනවා. සහරාන්ගේ අම්මණ්ඩි මොනවා කීවත් මේ රටේ ජනතාව ගෝඨාභය මහතා දිනවනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *