Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රට වෙනුවෙන් කොටපොළ අමරකිත්ති හිමි ඉල්ලූ දේ (වීඩියෝ සහිතයි)

රට වෙනුවෙන් කොටපොළ අමරකිත්ති හිමි ඉල්ලූ දේ (වීඩියෝ සහිතයි)

වර්තමානයේ රට තීරණාත්මක සංධිස්ථානයකට එළැඹ ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් නොව රටේ අභිවෘද්ධිය උදෙසා ඡන්දය භාවිත කළ යුතු බව ආචාර්ය පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියෝ පවසති. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

“MCC බෙල්ල යන ගිවිසුමක්. ලංකාවේ මැද්දේ ඇමරිකන් දූපතක් හැදුවා වගේ. සජිත් ජනාධිපති වුණොත් ඉබ්බා ගඟට දැම්මා වගේ. බෞද්ධ රටක් නෙවෙයි කියලා මංගල කිව්වා. සිංහල බෞද්ධයෝ තේරුම් ගන්න ඕනේ. සහරාන්ගේ කල්ලිය එක්ක හිටපු අය සජිත් එක්ක ඉන්නවා කියලා ආරංචියි. දුර බලලා ඡන්දය දෙන්න. සජිත් දෙමළ සන්ධානයේ ඉල්ලීම් දෙන්න සූදානම්. අගමැති කිව්වා දෙමළ සන්ධානයේ සහාය සජිත්ට කියලා“ යනුවෙන් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කොටපොළ අමරකිත්ති හිමියෝ කියා සිටියහ.

දෙමළ සන්ධානයේ ඉල්ලීම් ගෝඨාභය මහතා නොපිළිගන්නා බව කී නමුත් සජිත්ට සහාය දීමට ඔවුන් එක්වුණ බවත් කී උන්වහන්සේ ඒ අනුව විමසා දෙපැත්ත බෙදාගැනීමට හැකි බව අවධාරණය කළහ. . ජනාධිපතිවරණයේදී ඥානවන්තව ඡන්දය දෙන ලෙසත් ගෝඨාභය නිර්පාක්ෂික පුද්ගලයෙක් බවත් සංහිඳියාව වෙනුවෙන් ගෝඨාභය යුද්ධය ජයගත් බවත් අමරකිත්ති හිමියෝ පෙන්වා දුන්හ.

එසේම තමන් වහන්සේ කිසිඳු දේශපාලන පක්ෂයකට අදාළ නැති නිදහස් මත දරන අයකු බවත් වැඩිදුරටත් උන්වහන්සේ කියා සිටියහ.

(වීඩියෝ – අද දෙරණ ඇසුරිනි)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *