සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමේ දැවැන්තම වුවමනාව ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඔහු ඒ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා වත්තල නගරයේ පැවති ජන ජනරැලියකට එක්වෙමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ ජනරැලියක් වත්තල බෝපිටිය ලියෝ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරද්දී සජිත් ප්‍රේමදාස කට නොඇරි බවයි.
“කොන්ද පණ තියෙනවා කියන අපේක්ෂකයා එම්.සී.සී ගිවිසුමට විරුද්ධව කතා කළාද? මේ වගේ දේශද්‍රෝහි අපේක්ෂකයෙක් මේ රටේ ජනාධිපති කරන්න කැමතිද? ඊයේ අගමැති මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කරන්න උත්සාහ ගත්තා. මේක කඩිමුඩියේ අත්සන් කරපු ගමන් තව ලක්ෂ 10ක් 15ක් එජාපයේ ඡන්ද පදනමෙන් කැඩිලා ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතාට එකතුවෙන බව රනිල් වික්‍රමසිංහ දන්නවා.සජිත් ප්‍රේමදාසව පරාජය කිරීමේ දැවැන්තම වුවමනාව තියෙන්නේ රනිල් වික්‍රමසිංහට” යැයි ද එහිදී විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.