සජිත්ගේ රත්මලානේ ජන හමුවට ගල්ගැසූ දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය 29 වැනිදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රත්මලානේ පැවති ජන හමුවකට ගල් මුල්වලින් පහර දුන් සැකකරුවන් දෙදෙනකු පොලීසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රත්මලාන රෂ්ටම්වත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 සහ 40 වයස්වල පසුවන්නන් බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශනයක් ආරම්භ කළ අතර ඊයේ උදේ එක් අයකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තවත් පුද්ගලයකු පොලිසියට බාර වී තිබේ. සැකකරුවන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ වීමට නියමිතය.

සජිත් ප්‍රේමදාස මහතා වේදිකාවේ කතා පවත්වමින් සිටයදී එක දිගටම වේදිකාව දෙසට ගල් මුල් ප්‍රහාර එල්ලවීම නිසා පැවති හමුවට බාධා වී තිබේ. එසේ අවස්ථාවේ ප්‍රේමදාස මහතා කතා පැවැත්වීම නොනවත්වා ප්‍රකාශකර ඇත්තේ තමන් මදාවියන්ට බය නොවන බවය. ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමා සූදානම් බව ද කිසිවෙකුට බය නැති බව ද හෙතෙම එහිදී පවසා ඇත. කෙසේ වෙතත් එම ප්‍රහාරවලින් කිසිවෙකුටත් අනතුරක් සිදුවූයේ නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *