ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සක්කාර එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (එම්.සී.සී.) නව සභාපතිවරයා වශයෙන් ඊයේ (1) වැඩ බාරගත්තේය. වසර 150 කට වැඩි ඉතිහාසයක් ඇති මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට පත්වු ඉංග්‍රීසි ජාතිකයකු නොවන පළමු වැන්නා කුමාර් සංගක්කාරය.
ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයා වූ ඇන්තනි ෆෝඩ් විසින් පසුගිය මැයි මාසයේදී පැවැති මහ සභා රැස්වීමකදී කුමාර් සංගක්කාර එහි නව සභාපතිවරයා වශයෙන් නම් කරන ලදි. සංගක්කාර වසරක කාලයක් මෙම ක්‍රීඩාං සමාජයේ සභාපති තනතුර හොබවනු ඇත.
“එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ ගෞරවනීය සභාපතිවරයා වශයෙන් පත්වීමට ලැබිම සම්බන්ධයෙන් මට විශාල සතුටක් තියෙනවා. එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ සෙසු සාමාජිකයන් හා එක්ව වෙහෙසීමෙන් වැඩ කරන්නත් ක්‍රිකට් ක්‍රීඩාවේ අගනා වර්ෂයක් සම්පුර්ණ කිරිමට මා බලාපොරොත්තු වෙනවාග අපි වඩාත් ආදරය කරන ක්‍රීඩාවට වැඩි වැඩියෙන් ආධාරකරුවන් එක්කර ගැනීමේ හොද අවස්ථාවක් අපට ලැබි තිබෙනවා. එනිසා මර්ලිබොන් ක්‍රිකට් සමාජය දේශීය වශයෙන් අන්තර්ජාතික වශයෙන් කරනු ලබන කාර්යයන් පිළිබඳව ඒ ඒ ප්‍රජාවන් දැනුවත් කළ යුතුයි” යයි වැඩ බාරගැනීමෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් කුමාර් සංගක්කාර පැවසීය.
මේ වන විට 41 හැවිරිදි වියේ සිටින සංගක්කාර ටෙස්ට් තරග 134 කදී ලකුණු 12, 400 ක් ලබා සිටින අතර එම්.සී.සී. ක්‍රීඩා සමාජය සමඟ දීර්ඝකාලීන සම්න්ධනා ඇති අයෙකි. සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායම මේ ආරම්භක පිතිකරුවා වශයෙන් වසර 2002 දී එම්.සී.සී. පිලට එරෙහිව ක්‍රීඩා කළේය. වසර 2011 දී කොලින් කවුඩ්රි අනුස්මරණ දේශනය කරමින් ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන්ගේ පමණක් නොව විද්වතුන්ගේත් ගෞරයට පාත්‍ර වූ සංගක්කාරට 2012 දී එම්.සී.සී. ගෞරවනීය යාවජීව සාමාජීකත්වය පිරිනැමිණි.
එම වසරේදීම එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුවට එක්වූ සංගක්කාර තවමත් එහි ක්‍රියාකාරි සාමාජිකයෙකි. පසුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සංගක්කාර එංගලන්තයේදී සහභාගි වූ අවසන් ටෙස්ට් තරඟයේදී (2014) ලොඩ්ස් පිටියේදී ශතකයක් ද ලබාගත්තේය.