ශානි අබේසේකරගේ සේවය අත්හිටුවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වනපරිදි අද (07) සිට අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකළ මතභේදාත්මක දුරකතන සංවාදවලින් අනතුරුව ලද පැමිණිලි 3ක් මත මෙම පියවර ගත් බව පොලිස් කොමිසම සදහන් කල අතර මේ වන විටත් එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ජාතික පොලිස් කොමිසම පැවසුවේය.

මේ අතර ශානි අබේසේකර මහතා වැඩ තහනමට ලක් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ මෙම නිලධාරියා විසින් සිදුකර ඇති දුරකතන සංවාද මගින් පොලිස් සේවයට අපකීර්තියක් සිදුව ඇති බවයි.

2017 වසරේ සැප්තැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාරගත් ශානි අබේසේකර මහතා මේ වන විට ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කරනු ලබයි.

2 Comments

Leave a Reply

Your email address will not be published.