කොරෝනා වසංගතය පැතිරීයාමේ තත්වය මත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 272 ක් අද (10) උදෑසන 6:12 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අයත් UL-605 දරණ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිටයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් ගුවන් තොටුපළට පැමිණි ඔවුන් සියලු දෙනා මෙන්ම ඔවුන්ගේ ගමන් මලු ද විෂබීජ හරණය කිරීමකට ලක් කිරීම සිදු කෙරුණි.
ඉන්පසුව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් කරන ලද සෞඛ්‍ය පරීක්ෂාකිරීම් වලින් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සූදානම් කර තිබූ බස් රථ මගින්, ඔවුන් සියලු දෙනා, නීරෝධායන කටයුතු සඳහා අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සිදු කෙරුණි.