මගී ගුවන් මෙහෙයුම් සහ ගුවන් බහාලුම් ප්‍රවාහන සේවා පුළුල් කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පියවර ගෙන ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ලබන මාර්තු මාසය වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් බහාලුම් ප්‍රවාහන ගුවන් යානයක් හදුන්වා දිමට ද තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා පවසයි.
මෙරට අපනයනවලින් සියයට 25ක් සහ ආනයනවලින් සියයට 27 ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් සිදුකරන බව සදහන් වෙයි.
මෙරට සංචරණ සීමා ලිහිල් කිරිම හා සංචාරක පැමිණිම දිරිමත් කිරිම හේතුවෙන් ගුවන් මගි ආදායමේ ක්රමානුකූල වර්ධනයක් මේ වන විට පෙන්නුම් කර ඇති බවයි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසයි.