සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංග හොබවන අතර නවසීලන්ත කණ්ඩායමේ ටිම් සවුති නායකයා ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා සංචිතයට පළමු වරට වනිඳු හසරංග හා ලහිරු මධුසංඛ කැඳවා ඇති අතර තරගයට පෙර මාධ්‍ය හමුවකදී නායක ලසිත් මාලිංග කියා සිටියේ බලාපොරොත්තු නොවන ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුළත් විය හැකි බවයි. සැලසුමක් අනුව තරගාවලියට මුහුණ දෙන අතර නායකත්වය වෙනස් වුවද ස්ථාවර කණ්ඩායමක් නිර්මාණය කිරීම අරමුණ බවද මාලිංග කියා සිටියේය.
දෙරට අතර තරග 17ක් පවත්වා ඇති අතර එයින් තරග 8ක ජය නවසීලන්තය ද 7ක ජය ශ්‍රී ලංකාවද හිමිකරගැනීමට සමත්ව ඇත.