ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු රටට ඇතුළුවීම අත්හිටුවීමට කුවේට් රාජ්‍යය තීරණය කර ඇත.
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් සඳහා එම තහනම පැනවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය ද හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන් ගමන් අත්හිටුවන බව ඊයේ නිවේදනය කෙරිණ.
මීට අමතරව මැලේසියාව හා මාලදිවයිනය ද ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.