අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වා මෙරට පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය විසින් සිය රටවැසියන්ට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
අත්‍යවශ්‍යම අවස්ථාවන්හිදී හැර ශ්‍රී ලංකාවට නොයා යුතු බවත් හදිසි අවස්ථාවකදී සිය පුරවැසියන් තානාපති කාර්යාලය අමතන ලෙසත් නැතිනම් විදේශ කටයුතු අමාත්‍යංශය හා ජාත්‍යන්තර සහයෝගිත ඇමතුම් මධ්‍යස්ථානය අමතන ලෙසත් එහි සඳහන් වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට පිහිටි තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර ලබන නොවැම්බර් 16වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.