LK reports news sinhala

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

ශ්‍රී ලංකාව හා සංචාරක නවසීලන්තය අතර පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන්ද කඩුලු 4ක ජයක් ලැබූ නවසීලන්තය තරගාවලියේ ජයද හිමිකර ගැනීමට සමත් විය. ඒ අනුව තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ ‍නවසීලන්තය මේ වනවිට 2 -1 ක් ලෙස ඉදිරියෙන් සිටී.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රි ලංකාව සිය පන්දුවාර 20 අවසා‍නයේ කඩුලු 9ක් දැවී ලකුණු 161ක් ලබාගත් අතර ඊට නිරෝෂන් දික්වැල්ල ලකුණු 39කින් හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 37කින් දායකත්වය ලබාදුන්හ.

පන්දු යැවීමේදී සෙත් රෙන්ස් කඩුලු 3ක් දවාගත් අතර ජයග්‍රාහී ලකුණු 162ක් ඉලක්කය නවසීලන්තය කඩුලු 6ක් පමණක් දැවී තිබියදී පන්දුවාර 19 පන්දු 4කදී සපුරාගැනීමට සමත්විය.

නවසීලන්තය වෙනුවෙන් කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් හා ටොම් බෲස් අර්ධ ශතක ලබාගත්හ. පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුලු 3ක් ලබාගැනීමට සමත්විය.

(Image – cricinfo)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *