ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බස් රථ සඳහා මුදල් භාවිත කිරීම වෙනුවට ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට මගීන්ට හැකි වන පරිදි කාඩ්පත් ක්‍රමයක් මේ වසරේ හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව QR කේතයක් භාවිත කරමින් මගීන්ට බස් ටිකට්පත් ලබාගැනීම සඳහා නව තාක්ෂණික විසඳුමක් හඳුන්වා දෙනු ඇත.
අමාත්‍ය ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඉන්දීය රජයේ ණය ආධාර යෝජනා ක්‍රමය හරහා නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ලංගම ඩිපෝවලට නව බස් රථ බෙදා හැරීමේ අවස්ථාවට එක්වෙමිනි.
උත්සවය ඊයේ (9) නුවරඑළිය ග්‍රෙගරි වැව අසල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
නුවරඑළිය ලංගම ඩිපෝ හතකට නව බස් රථ 26ක් බෙදාදීම ඊයේ සිදුකෙරුණා.
“නව බස් රථ වතුකරයේ සහ ග්‍රාමීය මාර්ගවල ධාවනය කිරීමටත්, එමගින් ග්‍රාමීය සහ වතුකරයේ අභ්‍යන්තර මාර්ගවල පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරමින් ජනතාවට විධිමත් ප්‍රවාහන පහසුකම් සැලසීමත් අරමුණයි,” අමාත්‍යවරයා පැවසීය.