වෛරස්

වෛරස් රෝග හඳුනා ගැනීමේ යන්ත්‍රයක් සෞඛ්‍ය අමාත්‍යංශයට

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ඇතුළු තවත් වෛරස් වර්ග හඳුනා ගැනීමේ පි. ආර්.සී. යන්ත්‍රයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කළේය.

විජයරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී සෞඛ්‍ය අමාත්‍ය, පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට එම යන්ත්‍රය භාරදීම අද (2020.03.11) පෙරවරුවේ සිදුවිය.

ඩොලර් 30000ක වටිනාකමකින් යුක්ත කොරියාවේ නිෂ්පාදිත මෙම වෛරස් රෝග හඳුනාගැනීමේ යන්ත්‍රයට කෙටි වේලාවක් ඇතුළුත වෛරස් රෝග හදුනා ගැනීමේ හැකියාව ඇත. මෙය පහසුවෙන් රැගෙන යා හැකි කුඩා යන්ත්‍රයක් වීම විශේෂත්වයක් වන අතර අග්‍රාමාත්‍යවරයාට ලැබුණු පෞද්ගලික ත්‍යාගයකි.

කෝවිඞ් 19 වැනි වෛරස් රෝගයකට මුළු ලොවම මුහුණ දී ඇති අවස්ථාවක පී. ආර්. සී යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යංශයට අවශ්‍යම කරන්නක් බැවින් එම යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කෙරිණි.

මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඩබ්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා, එස්. එම්. චන්ද්‍රසේන මහතා ද මෙම අවස්ථාවට එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *