වෛද්‍යවරයෙකු

වෛද්‍යවරයෙකු ලෙස වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමේ අවම මූලික සුදුසුකම්වලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය අවම මූලික සුදුසුකම් ඇතුළත් ගැසට් නිවේදනයට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.

අදාළ ගැසට් නිවේදනයේ රෙගුලාසි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එහි දැක්වෙන්නේ වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවම සුදුසුකම ලෙස සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් අවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ අදාළ රෙගුලාසි වෙනුවට වසරින් වසර වෙනස්වන නියමයක් අවශ්‍ය බවයි.

එසේම, අදාළ රෙගුලාසි උපදේශක කාරක සභාවට යොමුකර නොතිබීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විරෝධය පළ කළා.

පසුව කතානායකවරයා, අමාත්‍යවරියට දැනුම් දුන්නේ ඒ සම්බන්ධයෙන් උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් කැඳවා පැහැදිලි කරන ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *