මැද මුලනේ මගුල් කෑමට 35,000 ක් පැමිණි බවත් ගල්කිස්ස හෝටලයේ මගුල් කෑමට 9000 ක් පැමිණි බවත් ජනතාවගෙන් බලෙන් ලබාගත් මුදල් වලින් මගුල් කෑ එකම පිරිස රාජපක්ෂ වරුන් බවත්
දික්වැල්ලේ පැවති නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැළියකදී හිටපු ඇමති මර්වින් සිල්වා ප්‍රකාශ කර ඇත.
ඔහු සජිත් ප්‍රේමදාසට සහයෝගය පළකරමින් පසුගියදා එම වේදිකාවට ගොඩවූ අතර රැලිවලදී ගීත ගායනා කරන ආකාරය පවා දැකගත හැකිවිය.
දික්වැල්ලේ රැලියට එක්වෙමින් මර්වින් සිල්වා වසර 10 ක් රට පාලනය එම පවුලේ බූදලයක් ලෙස තබාගත් බවත් තමන් ඇතුළු පිරිසට කරන්නට යමක් නොතිබූ බවත් විවේචනාත්මකව පැවසූ අතර ‘වෙස් මුහුණු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ‘ ගීතයද සභාවේ ගැයුවේය.
එසේම මාධ්‍ය නිදහස වෙනුවෙන් කටයුතු කරන බවද ඔහු කියා සිටියේය. නමුත් පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිරස වැනි මාධ්‍ය ආයතනවලට ප්‍රසිද්ධියේ තර්ජනය කළ මර්වින් සිල්වා එසමයේ ජාතික රූපවාහිනියට කඩා පැන විශාල ගාලගෝට්ටියක් කළ අයෙකි. (Image – Sri lankan mirror)
වීඩියෝ – SRI news