LK reports news sinhala

වෙල්ගමට ඕනෑ දේ මාධ්‍ය හමුවකදී කියයි

එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. පක්ෂය ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙකුට සහාය දීමට තමන් සූදානම් බවද ඔහු කියා සිටී.

පක්ෂය වෙනුවෙන් ජනපති අපේක්ෂක ලෙස ඉදිරිපත්වන ලෙස තමන්ට ආරාධනාවක් ලැබුණොත් රට වෙනුවෙන් ඒ අභියෝගය භාර ගන්නා බවද මන්ත්‍රීවරයා කීවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වීමේ සුදුසුකම් සම්පූර්ණ කර ඇත්ද යන්න තාමත් ගැටලුවක් යැයි ද ඔහු ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන තිබේද යන්න තවමත් තහවුරු වී නැතැයිද කුමාර වෙල්ගම කියා සිටියේ නිදහස් පක්ෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *