කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයේ තත්වය පාලනය කිරීමට අවශ්‍ය සහය හා සේවා සැපයීමට පැමිණ සිටි වෛද්‍යවරුන් හා සේවක කණ්ඩායම් පිරිසක් ඉකුත් 17 වැනිදා එම නගරයෙන් පිටත්ව යන ලදී. එහිදී එම පිරිසට මහ මග සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ ආචාරය හිමිවූ අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක් විදෙස් පුවත් සේවයක කැමරා කාචයේ සටහන් වී තිබුණේ මේ ආකාරයටයි.
2020-03-19