මත්තල

වුහාන් සිට මත්තලට පැමිණි සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් දියතලාව යුධ හමුදා කඳවුරෙන්

වුහාන්හී රදවා සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අද (01) උදෑසන මත්තල ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියේය. මෙම පිරිස විශේෂ බස් රථයකින් දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යාමට කටයුතු සලසා තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරන්නේ මෙම පිරිස දියතලාව යුද හමුදා කඳවුරේ රැඳවීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවයි. සති දෙකක කාලයක් පුරා ඔවුන් එහි රඳවාගෙන රෝග නිරෝදායනයන් සිදු කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.