මධ්‍යම පළාතේ රැදී සිටින වීසා බලපත්‍ර නොමැති විදේශිකයින් අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ නියෝජ්‍ය පොලිස්පති ඞී එල් ආර් රණවීරගේ උපදෙස් මතයි.
මධ්‍යම පළාතේ විවිධ ස්ථානවල හා ලැගුම්හල්වල රැදී සිටින වීසා බලපත්‍ර නොමැති විදේශිකයින් පිළිබද තොරතුරු ලබාදෙන ලෙස පොලිසිය මෙහිදී ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කරන අතර වීසා බලපත්‍ර නොමැතිව මහනුවර සහ ඒ අවට රැදී සිටින ඉන්දීය, පකිස්තාන, ඉරාන සහ සෞදි ජාතිකයින් අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේ.