LK reports news sinhala

වීරවංශ කී ඇමරිකා රූකඩය කවුද?

හිටපු හමුදාපති මහෙෂ් සේනානායක මහතා ඇමරිකානු රූකඩයක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි. තමන්ගේ ආණ්ඩු සමයේදී

මහේෂ් සේනානායක මහතා ඇමරිකාවට පළා ගිය බවත් එම ආණ්ඩුව බිඳ වැටුණු පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණ හමුදාපති වූ බවත් සිහිපත් කළ වීරවංශ මහතා ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සිංහල ඡන්ද තීරු තීරුවලට කඩා දැමීමේ ඇමරිකානු වුවමනාව අනුව බවද ප්‍රකාශ කළේය.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් එසේ කී වීරවංශ මහතා එසේම ඇමරිකාව විසින් සිංහල ඡන්ද කොටස්වලට කැඩීම සඳහා මහේෂ් සේනානායක මහතාට අමතරව තවත් අපේක්ෂකයින් ද යොදවා ඇති බව පෙන්වා දුන්නේය. එවැනි රූකඩවලට නොරැවටී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටි‍යේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *