විශ්‍රාම නොයන බව අගමැති කියයි

මැතිවරණයෙන් පසුවද තමන්ට විශ්‍රාම යාමේ අදහසක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද(27) කොළඹ පැවති විශ්ව විද්‍යාල ශිෂ්‍ය හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

එහිදී සමාජ මාධ්‍යවල පළවන අගමැතිවරයාගේ විශ්‍රාම යාමක් ගැන ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේ එවැනි දෙයක අවශ්‍යතාවයක් මතු නොවන බවයි. එසේම එහිදී එක් ශිෂ්‍යයකු විමසා සිටියේ අතිශය අන්තර්ජාල  භාවිතයේදී ඒ සඳහා ඇති ගාස්තු වැඩිවීම නිසා තමන් ඇතුළු පිරිස දැඩි අපහසුතාවයට පත්වන බවත් අන්තර්ජාල බදු අඩුකිරීමේ හැකියාවක් නැත්දැයි යන්නයි.

අගමැතිවරයා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ බදු ඉවත් කළ නොහැකි බවත් ඒවා රට ණය නොවී පවත්වාගෙන යෑම සඳහා අනිවාර්ය වන බවත්ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *