විල්පත්තු නැවත පදිංචි කිරීම් වලට එරෙහි පෙත්සම ගැන තීන්දුවට අප්‍රේල් 3 වැනිදා

විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කරන ලද පෙත්සමේ තීන්දුව අප්‍රේල් මස 03 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (19) නියෝග කළා.

පරිසර යුක්ති කේන්ද්‍රය මගින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම පිළිබඳව විභාගය අද ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අවසන් කෙරුණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *