Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය

විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය
විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.
විපක්ෂය යුක්තිය මෙහෙයුමට දැඩි ලෙස විරුද්ධ වූ බව පෙන්වා දුන් ඇමතිවරයා විපක්ෂය පොලිස්පතිවරයා ඉවත්කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ නිසා බවද අවධාරණය කරයි.

අද (25) පාර්ලිමේන්තුවේදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව විපක්ෂනායකවරයා සහ මැති ඇමතිවරු කීපදෙනෙකු පල කල අදහස් සම්බන්ධයෙන් අදහස් පලකරමින් ඇමතිවරයා මේ බව කීවේය.

විපක්ෂය වතු කම්කරු පඩි වැඩිවීම ගැන කතා නොකර පොලිස්පති ඉවත්කිරීමට පක්ෂව කතා කිරීමෙන් විපක්ෂයේ සැබෑ උවමනාව පැහැදිලි වන්නේ යැයිද ඇමතිවරයා කීවේය.

“මෙතන ජනාධිපතිතුමත්, කැබිනට් මණ්ඩලයත්, රජයත් අධිකරණය අපහසුතාවට පත්කරන විදිහට කටයුතු කරනවා කියලා මතයක් හදන්න උත්සාහ කරනවා. අපි පැහැදිළිව කියන්න ඕන ජනාධිපතිතුමා තමයි 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ල අධිකරණය ස්වාධීන කරන්න කටයුතු කළේ. ඒ විතරක් නොවෙයි කැබිනට් මණ්ඩලයත් රජයත් ඒකට ගරු කරනවා. ඒ නිසා එතන එහාට කතාකරන්න දෙයක් නැහැ. මේ කතාව එච්චරයි.

දෙවන කාරණාව ඊයේ ස්ටේට් ඕඩර්ස් තුනක් ගෙනල්ල තිබුණා. රජය මැදිහත් වුණානම් මැදිහත් වෙලා නවත්තන්න තිබුණා. එකක් පළාත් පාලන පත්වීම් සම්බන්ධවත්, වතු කම්කරුවන්ගේ පඩි සම්බන්ධවත් ස්ටේට් ඕඩර්ස් දෙකක් දීලා තියෙනවා.
හැබැයි දැන් උදේ වරුවම අපි කටයුතු කරන්නේ පොලිස්පතිගේ එක. මේක මීට පෙරත් මම කිව්වා විපක්ෂය හැමදාම මේ පොලිස්පතිවරයා යුක්තිය වැඩසටහන කරනකොට මේකට විරුද්ධයි. ඊයේ වැඩියෙන්ම සන්තොෂ වුණේ පාතාලයේ අය.

මේ විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය. ඒක තමයි මේගොල්ලන්ගේ උනන්දුව. නැතිනම් අනිත් දේවල් ගැනත් කතා කරන්න ඕනෙනේ. වතු කම්කරුවන්ගේ පඩි ගැනත් කතා කරන්න ඕනේනේ. ඒ නිසා වැරදි තැනකට මේ රට ගෙනියන්න එපා කියලා මම කියනවා.”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *