විදේශීය ක්‍රියාකරුවන් සඳහා ඉන්ධන පිරවුම්හල් 450ක්…

නව සැපයුම්කරුවන්ට ලබාදීමට නියමිත ඉන්ධන පිරවුම්හල්වල හිමිකරුවන් සහ කළමනාකාරීත්වයේ පළමු කණ්ඩායම් දෙක සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවති බවයි අමාත්‍ය විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ.

ඉන්ධන පිරවුම්හල් 450ක් 150 බැගින් වූ කණ්ඩායම් 3කට වර්ග කර ඇති බවත්, ඒවා නව විදේශීය ඉන්ධන සේවා ක්‍රියාකරුවන්ට ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“මේ සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ කළමනාකාරීත්වය දැනුවත් කරන ලද අතර නව සැපයුම්කරුවන්ට ඔවුන්ගේ අලෙවි නියෝජිතයන් වෙන් කිරීම, භාවිතා කරන වර්ගීකරණ යාන්ත්‍රණය, නව ගිවිසුම්, මිල සූත්‍ර, නව සැපයුම්කරුවන්ගේ ප්‍රතිලාභ, අලෙවිකරුවන්ගේ ආන්තික සහ රජයේ ප්‍රතිපත්ති සහ රෙගුලාසි පිළිබඳව සාකච්ඡා කරන ලදී. ඔහු වැඩිදුරටත් පැවසීය.

චීනයේ සිනොපෙක්, යුනයිටඩ් පෙට්‍රෝලියම් ඔෆ් ඔස්ට්‍රේලියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්එම් පාර්ක්ස් ෂෙල් පීඑල්සී සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළඳපොළට ඇතුළු වීමට නියමිත බව රජය අප්‍රේල් මාසයේදී ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම සාකච්ඡා පැවැත්වේ.

ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා වසර 20ක වලංගු බලපත්‍රයක් ලබා දෙන අතර, මෙම යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ට CPC ඉන්ධන පිරවුම්හල් 150ක් ද ලබා දෙන බව එකල වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *