විගී සහාය දෙන්න දිනන අපේක්ෂකයා සොයයි

එළැඹෙන ජනාධිපතිවරණයේ දී දෙමළ පක්ෂ සහයෝගය ලබාදෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි දින තුන තුළ පිළිතුරක් ලබාදෙන බවත් දෙමළ මහජන පෙරමුණ පක්ෂයේ නායක උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේශ්වරන් පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අනතුරුව සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් දැනුම්දෙන බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසී‍මේදී ඔහු මේ බව ප්‍රකාශකොට ඇත.

විග්නේශ්වරන් වැඩිදුරටත් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කොට තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් දෙමළ පක්ෂ නායකයින් තවදුරටත් සාකච්ජා කිරීමට නියමිත බවයි.

දෙමළ ජනතාවගේ සහයෝගය ලබාදෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය ලබාගන්නා තැනැත්තා බවට පත්විය යුතු අතර, එසේ නොවුනහොත් දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසඳුම් ලබා ගැනීමට නොහැකි වන බවද හෙතෙම පැවසුවේය.

එබැවින් ජයග්‍රහණය ලබාගන්නා අපේක්ෂකයා සම්බන්ධයෙන් දෙමළ පක්ෂ නායකයින් තවදුරටත් විමසීම් සිදුකරමින් සිටින අතර, අදාළ තීරණය එළැඹෙන දින තුන තුළදි ප්‍රකාශ කරන බවද විග්නේශ්වරන් පවසා ඇත.

ඔහු වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අඩංගු කාරණා සම්බන්ධයෙන් විමසා බැලීම සිදුකළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *