වැල්ලවත්ත සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය තෙක් අභ්‍යන්තර ජලමාර්ග ඔස්සේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාව අද (11) දින ආරම්භ කෙරිණි.
වැල්ලවත්තෙන් උදේ 6.30 සිට මධ්‍යහන 12.00 දක්වාත් දහවල් 1.00 සිට සවස 6.00 දක්වාත් සෑම විනාඩි 30කට වරක් මෙම මගී බෝට්ටු සේවාව ජනතාවගේ පහසුව පිණිස ධාවනයේ යෙදවෙනු ඇත. එක් අයකු සදහා ප්‍රවේශපත්‍රයක මිළ රුපියල් 60 කි. මෙම බෝට්ටු සේවයේ ගමනාන්ත දෙක වන්නේ වැල්ලවත්ත ශාන්ත පීතර විද්‍යාලය අසල (සැවෝයි සිනමා ශාලාව ඉදිරිපිට) සහ බත්තරමුල්ල දියත උද්‍යානය අසලයි.
මෙම සේවය සඳහා මේ වනවිට බෝට්ටු හතරක් යොදා ඇති බවත්, ඉතා ඉක්මනින් බෝට්ටු ප්‍රමාණය වැඩි කරමින් මගී ජනතාවට පහසුකම් සලසාදීමට කටයුතු සිදුකරන බවත් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති, විශ්‍රාමික ජනරාල් එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතා පැවසීය. එමෙන්ම මේ බෝට්ටු රථ ධාවනය කිරීම සඳහා නාවික හමුදාවේ පළපුරුදු විශ්‍රාමික නාවික නිලධාරීන් යොදවාගන්නා බවත්, මගීන්ගේ උපරිම ආරක්ෂාව සඳහා කටයුතු සැලකිලිමත්ව ක්‍රියාකරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.