Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

වාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයි

වාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මඟින් සපයනු ලබන මාර්ගගත වේලාවන් වෙන්කර ගැනීමේ (Online Appointment Booking) සේවාව හෙට, එනම් 2026 නොවැම්බර් මස 02 වැනිදා සිට යළි ආරම්භ කෙරේ.

ඒ අනුව නව වාහන ලියාපදිංචි කිරීම, වාහන හිමිකම් පැවරීම සහ මෝටර් රථ වාහන ආශ්‍රිත තාක්ෂණික කටයුතු සඳහා සේවාවන් ලබාගැනීමට අපේක්ෂා කරන මහජනතාවට, අදාළ නිල වෙබ් අඩවිය ඔස්සේ පූර්ව දිනයක් හා වේලාවක් වෙන්කරගෙන පැමිණෙන ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

විශේෂයෙන්ම සේවාවන් ලබාගැනීම සඳහා අලුයම සිට පැමිණෙන ජනතාව මුහුණ දෙන දැඩි තදබදය, දිගු පෝලිම් සහ අනවශ්‍ය කාලය නාස්තිවීම අවම කරමින් වඩාත් විධිමත් හා කාර්යක්ෂම මහජන සේවාවක් සැලසීම මෙම පියවරේ ප්‍රධානතම අරමුණයි.

වේලාවක් වෙන්කර ගන්නේ කෙසේද?
මහජනතාවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල මාර්ගගත වේදිකාව වන dmtappointments.dmt.gov.lk ඔස්සේ පිවිස ඉතා පහසුවෙන් තමන්ට අවශ්‍ය සේවාව සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත හැකිය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *